බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.
විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.
මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.
ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?
බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.
ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.
වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.
කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.
Presentday beheviour in accordance to Dhamma
Pages
කවි මිශ්‍ර වැදි බණ
Presentday beheviour in accordance to Dhamma
Thursday, April 28, 2011
Subscribe to:
Post Comments (Atom)
පෙර වදන....
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද?
මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි. එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු.
Popular Posts
-
"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද? මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල ...
-
සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්...
-
,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදී...
-
විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය. මේ තුන් බිය නැති කිරීමට ලෝක න...
-
“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති “ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි....
-
බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තිය...
Blog Archive
Followers
Total Pageviews
Powered by Blogger.
0 comments:
Post a Comment