Pages

රතන සූත්‍රය

Saturday, May 21, 2011 0 comments


විශාලා මහ නුවර තුන් බියක් ඇති විය. ෂඩ් ශාස්තෘවරුන් පැමිණ විවිධ පුද පූජා යාග හෝම පැවැත්වුවද වෙනසක් ඇති නොවීය.

මේ තුන් බිය නැති කිරීමට ලෝක නාථ තථාගත සම්බුදු රජාණන් වහන්සේට හැකි වෙතැයි සිතූ රජ උන්වහන්සේගෙන් මේ බව විමසුවේය.

මිනිසුන්ගේ මනස අයහපත් බැවින් මෙවැනි දේ සිදු වන නිසාවෙන් මනස යහපත් කරගන්නේ නම් යහපති යැයි දෙසූ බුදුන් ඒ සඳහ මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න යැයි උපදෙස් වදාරා රතන සූත්‍ර දේශනාව දෙසූ සේක.

ඉතින් මේ රතන සූත්‍රයේ ඇති දේ පිලිපැද බුදු, දම්, සඟ මගෙහි ගොස් සිත් සතන් සුවපත් කරගත්තා.

සුවපත් වූ සිත් ඇති තැන මොන තුන් බියක්ද? සියළු බිය නැති වී ගියා

රතන සූත්‍රයේදී බුදුන් දෙසුයේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵල වලට බුදු, දම්, සඟ මග ඔස්සේ පැමිණි කෙනා හට කිසිම බියක් ඇති නොවේය, බිය දුරු වේය යන්නයි.

රතන සූත්‍රයේ 'භූතානි' කීවේ යක්කුන්ට නොව සතර මහ භූතයන්ගෙන් සැදුම් ලත් මේ කයටය. නිති පතා පුදන මේ කයට අපි ආහාර පාන දී රැක බලා ගත්තත් සැක, බිය, දුක මේ කය තුලින්ම ඇති වේ.

මේ තුන් බිය නැති කිරීමට නම් මේ කය අභිනන්දනය නොකොට එහි විපාක දැක ධර්ම මාර්ගයේ ගොස් සුවපත් කරගන්න කියල තමයි දෙසුවේ.

මේක නොදත් අපේ බෞද්ධයා රතන සූත්‍රය ජප කර වතුර කර ඔහේ ඉහ ඉහ යති.

සූත්‍රය තේරුම් කරගත නොහැකි කල්හි බුද්ධඝෝෂ අට්ඨ කථා එයාට ඕන විදියට ලිවුවා. ඒ අට්ඨ කථාවට අදත් අපේ බෞද්ධයා වඳිති.

මේ අට්ඨ කථා වල පරස්පර විරෝධී තාවය කරණීය මත්ථ සූත්‍රයෙහි සහ ඊට අදාල අට්ඨ කථාව කියවීමෙන් දැක්විය හැක.

කරණීය මත්ථ සූත්‍රයෙන් කියවෙන්නේ යමක් කරන විදියක් ගැනය. ඊට අදාල අට්ඨ කථාවෙන් කියවෙන්නේ මේක ජප කරන්න කියාය.

ඔබම කියවා සාක්ෂාත් කරගන්න

කවි මිශ්‍ර වැදි බණ

Thursday, April 28, 2011 0 comments

බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.

විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.

මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.

ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?

බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.

ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.

වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.

කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.

පල්ලියේ මෙන් ගීතිකාද, යාඥාද, කෝවිලේ මෙන් භජන්ද එක්වූ බුදු දහම...

Sunday, April 24, 2011 3 comments

සීවලී රුවෙන් කෑම ඉල්ලීම

0 comments

සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශය...ෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.

මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.

ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.

ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.

මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.

ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.

මාර්ගය සහ ඵලය

Tuesday, April 12, 2011 0 comments

“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති “

පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි.

සුනාථ ධාරේථ චරථ ධම්මේ!
ඇසීම, ධරණය කර ගැනීම (ප්‍රවිශ්ඨ වීම ) සහ එහි හැසිරීම (යෙදීම )


මේ දම් පද කුඩා වුනාට මේවායේ මහ විශාල අර්ථයන්. කුඩා දම් පදයක් හරි හැටි විස්තර කරනවනම් 550 ජාතක පොතේ තියෙන පිටු ගානත් මදි. ඒක දකින්න ඥාණයෙන්. ඥාණයෙන් දැක මෙතෙක් මුලා වූ ලෝකය අතහැර පියවි ලොවට එන්න. 

සෝවාන් මග ඵල

Monday, April 11, 2011 0 comments

වැස්ස වලහක දෙවියන් ආශිර්වාද කළ අසිරිමත් මොහොත

2 comments

 
අපේ කාලයේ ධර්මයේ හැසිරීම © 2011 | Designed by Bingo Cash, in collaboration with Modern Warfare 3, VPS Hosting and Compare Web Hosting