Pages

:::අපි හැමෝටම නිවන් දකින්න පුළුවන් මේ භවයෙදිම:::

Monday, April 11, 2011

,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, පස් වසක් කල් තබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, තුන්අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා, මහණෙනි. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සත් මසක් කල් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හයමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)


,මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති

කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, පස් මසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සාරමසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, තුන්මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මාස දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, මාස දෙකක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
,මහණෙනි, මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්‍මයන් පසළොස් දිනක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්‍හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්‍මයන් සත්දවසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්‍හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්‍වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේ ලැබීම පිණිසද නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්‍ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්‍මය ඒ කාරණය පිණිස වදාරණ ලද්දේය.,

0 comments:

Post a Comment

 
අපේ කාලයේ ධර්මයේ හැසිරීම © 2011 | Designed by Bingo Cash, in collaboration with Modern Warfare 3, VPS Hosting and Compare Web Hosting