Pages

කවි මිශ්‍ර වැදි බණ

Thursday, April 28, 2011 0 comments

බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා. විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ. මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ. ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක්...

පල්ලියේ මෙන් ගීතිකාද, යාඥාද, කෝවිලේ මෙන් භජන්ද එක්වූ බුදු දහම...

Sunday, April 24, 2011 3 comments

...

සීවලී රුවෙන් කෑම ඉල්ලීම

Sunday, April 24, 2011 0 comments

සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශය...ෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ. මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ...

මාර්ගය සහ ඵලය

Tuesday, April 12, 2011 0 comments

“යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති “ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල වශයෙන් හතරෙකි. සුනාථ ධාරේථ චරථ ධම්මේ! ඇසීම, ධරණය කර ගැනීම (ප්‍රවිශ්ඨ වීම ) සහ එහි හැසිරීම (යෙදීම ) මේ දම් පද කුඩා වුනාට මේවායේ මහ විශාල අර්ථයන්. කුඩා දම් පදයක් හරි හැටි විස්තර කරනවනම් 550 ජාතක පොතේ තියෙන පිටු ගානත් මදි. ඒක දකින්න ඥාණයෙන්. ඥාණයෙන් දැක මෙතෙක් මුලා වූ ලෝකය අතහැර පියවි ලොවට එන්න. ...

සෝවාන් මග ඵල

Monday, April 11, 2011 0 comments

...

වැස්ස වලහක දෙවියන් ආශිර්වාද කළ අසිරිමත් මොහොත

Monday, April 11, 2011 2 comments

...

:::අපි හැමෝටම නිවන් දකින්න පුළුවන් මේ භවයෙදිම:::

Monday, April 11, 2011 0 comments

,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.) ,මහණෙනි, පස් වසක් කල් තබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.) ,මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, කිසිවෙක්...

පෙර වදන....

Sunday, April 10, 2011 3 comments

"අපේ කාලයේ ධර්මයේ හැසිරීම" බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද වන විට ඇත්තේ කොතන ද?  මේ මාතෘකාව සම්බන්දව ඔනැ කෙනෙකුට ඔනෑ විදිහකට තර්ක කල හැකිය. ගෞතම බුදුපියනන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම  කුමක් ද? එය දේශනා කරන වුන් දේශානා කරන්නේ එයද? සත්‍ය කුමක්ද? අද සමාජයේ බෞද්ධයන් යැයි කියා ගන්නා අපි සැබැ බෞද්ධයේද? මේ සම්බන්දව අපි විවෘතව කතා කරමුද? මෙහි පලවන ලිපි සම්බන්දව ඔබට විවිද අදහස් තිබෙනට පුලුවනි. එකග වන්නට හෝ විරුද්ද වන්නට, ඔබේ අදහස් අපටද දෙන්න. එය අප සැවොම දනුවත් කරාවි.  එන්න අප සැබෑ ධර්මය දකින්න උත්සහ කරමු...

 
අපේ කාලයේ ධර්මයේ හැසිරීම © 2011 | Designed by Bingo Cash, in collaboration with Modern Warfare 3, VPS Hosting and Compare Web Hosting